සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසනවා.
වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් බලයේ සිටි නමුත් එම ආණ්ඩු කිසිවකින් ඊට සහාය නොලැබුණු නිසා සංඝ කතිකාවතක් ගෙන ඒමේ අදහස අත්හැර දැමූ බවත් දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධනයක් හෝ ගෙන එන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවේ ඉන් පසුව බවත් උන්වහන්සේ පැවසුවා.
සමගි ජනබලවේගය මගින් පැවැත්වීමට නියමිත සඝ සමුළුව සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ දැනුවත් කිරීම සඳහා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල අද (08) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූවා.
සංඝ කතිකාවත සකස් කිරීම සඳහා මල්වතු මහා නායක නිල ආරමයේදී නිකාය පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් එහි ප්‍රතිඵල දැන් දකින්නට ලැබෙන බවත් මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය මහා සංඝරත්නය වෙතින් ප්‍රධාන විපක්ෂය වෙත ඉදිරිපත් වූ යෝජනා මත පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සඝ සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් ඒ සම්බන්ධ සියලු විස්තර දැනුම් දීම සඳහා ඔහු ඉදිරි දිනෙක මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා බැහැදැකීමට පැමිණෙනු ඇති බවත් පැවසුවා.
මිහිදු මහා රහතන්වහන්සේගේ ආගමනයත් සමඟ මෙරට සංස්කෘතිය බුදු දහම හා බද්ධ වී පෝෂණය වූ බවත් මේ වනවිට සැලසුම් සහගතව මහා සංඝරත්නය අපහසුතාවට පත් කිරීමේ වැඩපිළිවෙළක් දකින්නට ලැබෙන බවත් කී ඇය, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහා සඝ සමුළුවක් පැවැත්වීමට පක්ෂය තීරණය කර තිබෙන ද ප්‍රකාශ කළා.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා සමඟ සාකච්ඡා කර ඒ සඳහා සුදුසු දිනයක් තීරණ කරනු ඇතැයිද ඇය පැවසුවා.
Latest News
උතුරු මුහුදේ ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාව බේරාගනියි
Local
08 June 2026
පින්නදූව අධිවේගී පිවිසුමේ බස් අනතුරකින් 10ක් රෝහලට
Local
08 June 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා: උසස් පෙළ අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
08 June 2026
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නවතයි
Local
08 June 2026
සංඝ කතිකාවතක් ගේන්න 2006 ඉඳන්ම මා උත්සාහ කළත් කිසිම ආණ්ඩුවකින් සහාය ලැබුණේ නෑ : මල්වතු මහ නාහිමි
Local
08 June 2026
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය
Local
08 June 2026
ඊශ්‍රායලයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග ඉරානය තාවකාලිකව නවතයි
Local
08 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං: කාලගුණෙන් රතු නිවේදනයක්
Local
08 June 2026
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
Local
08 June 2026
යළි දැනුම්දෙන තුරු ඉරානයට යන්න එපා - ඉන්දීය වැසියන්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්
Local
08 June 2026