General02 May 2017

මැයි රැළිය පැවති භූමිය පිරිසිදු කිරීමට ජනපතිත් එක්වෙයි

ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කළ මැයි රැළි ඊයේ පැවැත්වුණේ කොළඹ සහ මහනුවර ආශ්‍රිතවයි.

මැයි රැලි පැවති ක්‍රීඩාංගන හා ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සංවිධායකයින්ගේම මැදිහත් වීමෙන් සිදුවීම මෙවර දක්නට ලැබුණු විශේෂත්වයක්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම කටයුතු සදහා එක්ව සිටියා.

ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි රැලි පැවති ක්‍රීඩාංගණ හා ඒ අවට මැයි රැලි අවසානයේ පැවති ශෝචනීය තත්ත්වය පිළිබදව අප පසුගිය වසරේදී පෙන්වා
දුන්නා.

කෙසේ වෙතත් මාධ්‍ය හරහා මේ පිළිබදව පෙන්වාදීමත් සමග මැයි රැලි සංවිධායකයින්ගේ අවධානය මේ වසරේදී ඊට යොමුවීම සතුටට කරුණක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි රැලිය මෙවර පැවැත්වුණේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදීයි.

රැලිය අවසානයේ එම ක්‍රීඩාංගනය පිරිසිදු කිරීම සදහා සංවිධායක මණ්ඩලය පියවර ගනු ලැබුවා.

එස්.බී දිසානායක, අමාත්‍ය දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මේ සදහා එක්ව සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පෙරවරුවේ ගැටඹේ ක්‍රීඩාංගනයේ පිරිසිදු කිරීමේ කටයුතු සදහා එක්වුණා.

Related recommendation
Hiru TV News | Programmes