සයිටම් ජනසතු කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 03 ක් මුල්කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්රමුඛ වෘත්තීය සමිති ගණනාවක් ප්‍රකාශයට පත්කර ඇති දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩවර්ජනය හෙට (05) ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සඳහා ශිෂ්‍ය සංගම් රැසක් ද සිය සහයෝගය පළ කර තිබෙනවා.
මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අද (04) දිනයේත් කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී සහ තවත් ජනහමු කිහිපයදී අදහස් පළ වූ අතර, ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ තමන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරන බවයි.
වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ මෙම ගැටලූවේදී රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කෙරෙන විසඳුමකට රජය යා යුතු බවයි.
කෙසේ වෙතත්, ලංකා ජාතික වතු කම්කරු සංගමය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වු එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් කියා සිටියේ දේශපාලන න්‍යාය පත්‍ර සහිතව රෝගීන් අසීරුතාවයට පත් කිරීම සඳහා හෙට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ප්‍රකාශයට පත්කර ඇති බවයි.
මේ අතර, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර කියා සිටියේ තම මධ්‍යස්ථානයට අයත් වෘත්තීය සමිති හෙට දිනයේ වැඩවර්ජනයට ඍජුවම සහභාගී වන බවයි.
ජාතික සේවක සංගමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ලේකම් රංජිත් විජයසිරි කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම වැඩවර්ජනයට තම සංගමයේ සාමාජිකයින් එක් නොවන බවයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී තම සංගමයද හෙට වර්ජනයට එක්වන බව සඳහන් කළා.
එමෙන්ම, මෙම වැඩවර්ජනය හේතුවෙන් පෞද්ගලික ප්‍රවාහන සේවාවන්වලට බලපෑමක් එල්ල නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
එහෙත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම ගැටලූවට රජය විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේදී පවත්වන අඛණ්ඩ වැඩවර්ජනයකට තම සන්ධානයද සහය පළ කරන බවයි.
සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයද ප්‍රකාශයට පත්කර ඇති මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා කොළඹ අද (04) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් අදහස් දැක්වු එම සංගමයේ සභාපති උදේනි දිසානායක කියා සිටියේ ආණ්ඩු පෙරලියක් සිදුකිරීමේ අරමුණින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය දියත් කර ඇති බවයි.
එහෙත් එම වර්ජනය සාර්ථක නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ තමන්ද හෙට පන්ති වර්ජනය කරමින් මෙම වැඩවර්ජනයට සහයෝගය පළ කරන බවයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේ වැඩවර්ජන සාධාරණ විය යුතු බවයි.
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවද කොළඹ දී අද (04) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් එක්ව සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එම මාධ්‍ය හමුවට එක්වූ එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සදහන් කළේ හෙට පැවැත්වෙන වැඩවර්ජනයට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වුවහොත් මේ සම්බන්ධයෙන් ලබන 09 වනදා ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගන්නා බවයි.
මේ අතර මෙම වර්ජනයට සහය දක්වමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් ද හෙට පෙරවරු 8 සිට පැය 24 ක වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

Latest News
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වැඩිපුර මුදල් අය කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට ලක්ෂ 05ක දඩ
Local
09 August 2026
කැනඩා ළැව් ගින්න සීඝ්රයෙන් පැතිර යයි: 20,000ක් ආරක්ෂිත ස්ථාන වෙත
Local
09 August 2026
ඊශ්‍රායල් අවන්හල් සහ ප්‍රතිසංස්කරණ රැකියා සඳහා වෙබ් ද්වාරය හෙට විවෘත වෙයි
Local
09 August 2026
විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්: 2026 පළමු මාස 7 තුළ ඩොලර් බිලියන 5.3 ඉක්මවයි
Local
09 August 2026