General06 May 2017

කළුතරදී ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

කළුතර - නාගොඩ ප්‍රදේශයේදී මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා 42 හැවිරිදි අයෙකු වන අතර, වෘත්තීයෙන් සූපවේදියෙක්.

මෙම ගොඩනැගිල්ලේ පැවති සාදයක් සඳහා ආහාර පිළියෙල කිරීමට මොහු පැමිණ ඇති අතර, සාදයෙන් පසුව ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී මියයන්නට ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.c
Related recommendation
Hiru TV News | Programmes