General09 July 2017

ප්‍රථම හදවත් බද්ධ කිරීම සාර්ථකයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කෙරුණා.

අනුරාධපුරයේ පදිංචි වයස අවුරුදු 37 ක කාන්තාවකටයි පසුගිය සිකුරාදා මෙම හදවත් බද්ධ කිරීම සිදුකර ඇත්තේ.

ඇයගේ හදවත සියයට 12 ක් පමණ අකර්මන්‍ය වී තිබී ඇති අතර, ඇයට බද්ධ කර ඇත්තේ මොළය මියගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක්.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ එම තරුණයාගේ වකුගඩු දෙකද තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කළ බවයි.

හදවත් බද්ධයට භාජනය වූ කාන්තාව මෙන්ම එම වකුගඩු බද්ධය සිදුකළ රෝගීන් දෙදෙනාද මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය යහපත් බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.

මෙම හදවත් බද්ධය සඳහා මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහ රෝහල, වැලිසර රෝහල, බොරැල්ල ළමා රෝහල යන රෝහල්වල හෘද රෝග, නිර්වින්දන, අවයව බද්ධ කිරීම, උරස් හෘද ශල්‍ය යන අංශ නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් එක්ව සිටියා.

 
Related recommendation
Hiru TV News | Programmes