කැනඩාව, ලක්සම්බර්ග් සහ ජපානය යන රටවල විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 86කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, පසුගිය අඟහරුවාදා (14) දින අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.
යාපනය, මල්ලක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකුගෙන් කැනඩාවේ සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ අසූවක (රු. 8,000,000) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය, මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වූ අතර, පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මේ අතර, වලංගු විදේශ රැකියා නියෝජිතායතන බලපත්‍රයක් නොමැතිව, ජපානයේ "නොරිකො ඉන්ටනැෂනල්" ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින බව පවසමින් තමන්ගේම මිතුරෙකු රවටා රුපියල් ලක්ෂ හයක් වංචා කළ අයෙකු ද කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු විසින් ජපන් රැකියා සඳහා මුලින් රුපියල් ලක්ෂ 28ක් අවශ්‍ය බව පවසා, ඉන් ලක්ෂයක මුදලක් තමාගේ ගිණුමට ද, තවත් ලක්ෂ පහක් බිරිඳගේ ගිණුමට ද බැර කරවාගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ.
අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු විසින් වංචා කරන ලද සම්පූර්ණ මුදල (ලක්ෂ හය) නැවත පැමිණිලිකරු වෙත ගෙවා දැමීම හේතුවෙන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Latest News
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග
Local
16 July 2026
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026