General07 November 2017

අල්ලස් චෝදනා එල්ලවූ රේගු නිලධාරීන්ට සිතාසි

කෝටි 12 ක අල්ලසක් ලබාගත්තේ යැයි චෝදනා ලැබ සිටින රේගු නිලධාරීන් සිව්දෙනාට කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කළා.

ඒ, අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවේ සළකා බැලූනු අවස්ථාවේදියි.

මීට අදාළ නඩුව මේ මස 15 වනදා යළි කැඳවීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අදාල රේගු නිලධාරීන්ට එදින අධිචෝදනා පත්‍ර භාරදීමටද නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

තීරුබදු රහිතව භාණ්ඩ නිදහස් කර දීම වෙනුවෙන් මෙම අල්ලස් ලබාගත් බවටයි අදාළ නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ලවුණේ.
Related recommendation
Hiru TV News | Programmes