General25 April 2018

පාර්ලිමේන්තුව කල් තැබීම ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට පියවර ගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ පසුගිය සතියේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින අතරතුර බී.බී.සී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙය ව්‍යවස්ථානුකූලව සිදුකළ සාමාන්‍ය ක්‍රියාවක් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසු මැති ඇමතිවරුන් 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීම නිදහස් පක්ෂයේ බෙදීමක් නොවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes