General04 April 2019

9 වනදා දුම්රිය වර්ජනයක්

වැටුප් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති ලබන 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දෙදින වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුම්වත් කර ඇති බවයි.

ඒ අනුව ස්ථානාධිපතිවරු, රියදුරු, නියාමකවරු, පාලකවරු සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ද මෙම වර්ජනයට එක්වීමට නියමිත බවයි ඔහු තවදුරටත් කියා සිටියේ. 
Related recommendation
Hiru TV News | Programmes