General18 April 2019

මහියංගනය වෑන් රථ අනතුරින් මියගිය දසදෙනාගේ අවසන් කටයුතු අද

මහියංගනයේදී ඊයේ (17) අලුයම සිදුවූ මාරක රිය අනතුරට ලක්ව මියගිය එකම පවුලේ සමාජිකයින් 10දෙනාගේ දේහයන් අද(18) උදෑසන ඔවුන්ගේ මඩකලපුවේ පිහිටි නිවාස වෙත රැගෙන එනු ලැබුවා.

ඒ මහියංගනය මුලික රෝහලේ ඊයේ පස්වරුවේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.

මියගිය අයගේ දේහයන් පිලිබඳ අවසන් කටයුතු අද සවස මඩකලපුව කතෝලික දේවස්ථානයට අයත් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර එම අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.





Related recommendation
Hiru TV News | Programmes