General21 April 2019

ප්‍රහාර මාලාව ගැන කළ අනතුරු ඇඟවීමක් පිළිබඳ සමාජ මාධ්‍යයේ සැරිසරන ලිපිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් පිළිතුරු

රට තුළ ප්‍රහාර මාලාවක් දියත් වන බවට ලද තොරතුරු මත දැඩි අවධානයකින් කටයුතු කරන්නැයි අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙසට විශේෂ ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක පසුගිය 11 වැනි දින යොමුකළ බව පැවසෙන ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

විශේෂ ආරක්ෂක දිශා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව අධ්‍යක්ෂ ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 04, වැඩබලන අධ්‍යක්ෂ තානාපති ආරක්ෂක කොට්ඨාසය, වැඩබලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 05 වෙත මෙම ලිපිය යොමුකර තිබෙනවා.


Related recommendation
Hiru TV News | Programmes