අභාවප්‍රාප්ත සිසිර සේනාරත්නගේ බිරිඳ වන ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න අද (23) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා.
දරුවන් 3 දෙනෙකුගේ මවක් වන ඇය මිය යන විට පසු වූයේ 83 වන වියේයි.
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මීට දින දෙකකට පෙර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පවුලේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
බුදු ස්වාමිනේ සිරිපා පියුම්, දගකාරයි මං, රතු පාට මල්, හිතන්නකෝ අයියේ, දැන්වත් හැදෙන්නකෝ අයියේ, මල් සූටික්කෝ සින්දු කියාපන් වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඇය සිය සැමියා වූ සිසිර සේනාරත්න සමඟ යුග ගායනා රැසකට ද සම්බන්ධ වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා ගැයූ ආදරෙයි මං, ආදරෙයි, ඈත අහසේ නැගී, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ වැනි ගීත රසිකයන් අතර තවමත් ජනප්‍රියයි.
සුදු සඳ එළියේ සහ වෙසක් කැකුළු යන ගීත රේඛාව චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරනු ලැබුවේ ද ඉන්ද්‍රානි සේනාරත්නයන් විසින්.
සිසිර සේනාරත්නයන්ට ‘රේඛාව’ චිත්‍රපටයේ පටිගත කිරීම් සඳහා ඉන්දියාවට යන ගුවන් ගමනේ ඉන්ද්‍රානි සේනාරත්න හමුවී තිබුණා.
1957 වසරේ සිට ඉන්ද්‍රානි සේනාරත්න ගැයූ සෑම ගීතයකම තනු නිර්මාණය කර තිබුණේ සිසිර සේනාරත්නයන් විසින්.
සිසිර සේනාරත්න සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවක ඉන්ද්‍රානි සේනාරත්න දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබීම ද විශේෂත්වයක්.
සිසිර සේනාරත්නයන් අභාවප්‍රාප්ත වූයේ 2015 වසරේ පෙබරවාරි මස 4 වන දායි.

Latest News
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග
Local
16 July 2026