වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටලයක සූදු ක්‍රීඩාවේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් අයථා ලෙස මුදා හැරීමට කටයුතු කිරීමේ චෝදනාව මත හලාවත මූලස්ථාන පොලීසියට අනුයුක්ත කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 8 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක් අනුව එම වැඩ තහනම් කිරීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ මස 6 වන දා වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කරමින් සිටි සැකකරුවන් 20කට වැඩි ප්‍රමාණයක් අතරින් 9 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන සෙසු පිරිස මුදා හැර ඇති බවට අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
මෙලෙස වැඩ තහනමට ලක්වූයේ හලාවත මූලස්ථාන පොලීසියට අනුයුක්තව කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක්.
මේ අතර, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස දිවයින පුරා මහා පරිමාණ අයුරින් පවත්වාගෙන යන සූදු පොළ සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ගම්පොළ, උලපනේ, උඩගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමකදී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ පිළිබදව තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 339.94
Local
10 August 2026
අධි සුඛෝපභෝගී වාහනයක ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් දැලේ
Local
10 August 2026
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වැල්ලවායේ වෙළෙඳසල් දෙකකට රුපියල් ලක්ෂ තුනක දඩ
Local
10 August 2026
වෙන්නප්පුවේදී දුම්රියේ ගැටුණු පුද්ගලගයෙක් මරුට
Local
10 August 2026
ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කළ කෑගල්ල පෞද්ගලික රෝහලකට දඩ
Local
10 August 2026
දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අතුරුගිරියේදී කොටු
Local
10 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ලෝක ක්‍රිකට් සංගමය පිළිගනී
Local
10 August 2026
ලයිසන් නැති වැලි ගබඩාවේ හිමිකරු අත්අඩංගුවට
Local
10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට
Local
10 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය
Local
10 August 2026