General27 January 2020

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා වාර්තාවෙයි

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා අද හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.

ඇය මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ නිරෝධායනය කර සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.

රෝගියාගේ ආශ්‍රිතයන්ද වහාම පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.

රෝගය පැතිරීම වැලැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

Related recommendation
Hiru TV News | Programmes