ඉන්දියාවේ දෙවන කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
එරට පළමු අසාදිත තැනැත්තියද මීට දින 3 කට පෙර වාර්තාවූයේ කේරළ ප්‍රාන්තයෙන්.
දැන් හමුවී ඇති ආසාදිතයා වෙන්කොට ප්‍රතිකාර කරනු ලබන අතර, එම රෝගියාගේ තත්ත්වය සමීපව අධීක්ෂණය කරනු ලබන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
එම ආසාදිතයා නිරන්තරයෙන් චීනයේ සංචාරයන්හි නිරතවන අයෙකු වන අතර, අවසන් වරට චීනයේ සිට පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි 24 වනදායි.
මේ අතර ඉන්දියාව වූහාන් නගරයේ සිටි තවත් ඉන්දියානුවන් 323 දෙනෙකු අද ගුවන් මගින් ඉවත් කරගනු ලැබුවා.
ඊයේ දිනයේදීද එලෙස ඉන්දියානුවන් 324 දෙනෙකු ඉවත් කරගැනීමටයි ඉන්දියාව පියවර ගත්තේ. ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙලෙස දෙවන වරට ඉවත් කරගත් ඉන්දියානුවන් 323 දෙනා රැගත් යානය නවදිල්ලි ගුවන් තොටුපලට අද උදෑසන 9.45 ට පමණ ගොඩබස්සවා තිබෙනවා.
ඒ සමඟම මාලදිවයින් ජාතිකයින් හත්දෙනෙකුම එම ගුවන් යානයෙන්ම වූහාන් නගරයේ සිට රැගෙන ආ බවයි වාර්තාවන්නේ.
ඒ සම්බන්ධයෙන් මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වෙත ස්තූතිය පළ කර තිබෙනවා.

Latest News
CIDයෙන් පලායාමට තැත් කිරීමේ නඩුවේ හරක් කටාට එරෙහි PTA චෝදනා මහාධිකරණයෙන් ඉවතට
Local
30 July 2026
ඇතැම් ප්‍රදේශවලට හෙට මි.මී 100ට වඩා තද වැසි
Local
30 July 2026
"සිලෝන් ටී විලේජ්" ප්‍රවර්ධනයට කෝටි 23ක අතිරේක ප්‍රතිපාදන
Local
30 July 2026
රත්මලානේ කුඩු සයිමාගෙන් දෙවිනුවර හඬපට සිද්ධියේ තොරතුරු එළියට
Local
30 July 2026
අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය ඉල්ලා අස්කරගන්න - ලංකා සභාව රජයෙන් ඉල්ලයි
Local
30 July 2026
රුධිර පරීක්ෂාවට වැඩිපුර මුදල් අය කළ වවුනියාවේ පෞද්ගලික රෝහලකට ලක්ෂ පහක දඩයක්
Local
30 July 2026
ඉදිරි මාස දෙකේ ඇති විය හැකි අනපේක්ෂිත වියළි කාලගුණය ගැන විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
30 July 2026
කුඩා වැව් රැසක් සිඳී යාමේ අවදානමක්! - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්
Local
30 July 2026
භූමිකම්පාවකින් බලපෑම් එල්ල වූ ජපානයට ඉන්දියාවේ සහය
Local
30 July 2026
පියා බලන්න රෝහලට ගොස් පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
Local
30 July 2026