General03 March 2020

කඩොලාන කැපූ පුද්ගලයෙකුට දඩ

අහංගම - දිගරැද්ද කලපුව ආශ්‍රිත කඩොලාන පරිසරයේ ශාක 10 ක් කැපීම සම්බන්ධයෙන් වරද පිලිගත් පුද්ගලයෙකුට රුපියල් 10,000 ක දඩයක් නියම කෙරුණා.

ඒ මීට අදාළ නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

අහංගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අහංගම පොලීසිය මෙම නඩුව පවරා තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes