බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, 71 හැවිරිදි ඔහුගෙන් සුළු කොරෝනා රෝග ලක්ෂණ මේ වනවිට පෙන්නුම් කරන බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.
ඔහුට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර, පසුගිය සති කිහිපයේ ඔහු සමාජ සේවා කටයුතුවල නිරතවද්දී වෛරසය ආසාදනය වී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.
කෙසේ වෙතත්, චාල්ස් කුමරුගේ ආර්යාව වන කැමිලා පාකර්ද කොරෝනා පරීක්ෂාවකට ලක්කර ඇති අතර, ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැහැ.
මේ වනවිට ඔවුන් දෙදෙනාම ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝර් මන්දිරයේ වාසය කරන බවයි බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.
චාල්ස් කුමරු මාර්තු 12 වැනිදා අවසන් වරට දෙවන එලිසබත් මහ රැජිණ හමුවී ඇති අතර, කෙසේ වෙතත්, මේ වනවිට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.
මේ වනවිට ලොව පුරා කොරෝනා මරණ 19,625ක් වාර්තා වන අතර, ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 35,006ක්.
ස්පාඤ්ඤයෙන් ගෙවුණු පැය විසි හතරේදී ආසාදිතයින් 738 ක් වාර්තා වීමත් සමඟ චීනය පසුකරමින් කොරෝනා වෛරස මරණ වැඩි වශයෙන් වාර්තා වූ දෙවන රට බවට අද ස්පාඤ්ඤය පත්වුණා.
එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,434 ක් වන අතර, ආසාදිතයින් සංඛ්‍යාව 47,610ක්.
ඉතාලියෙන් කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය 6,820 ක්. ආසාදිතයින් 69,176 ක් ඉතාලියෙන් වාර්තා වනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 802 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 55,225 ක්.
ඉන්දියාව දින 21 කට වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ මධ්‍යම රාත්‍රියේ කටයුතු කළත්, අද දිනයේදී ජනතාව වීථිවලට බැස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ කටයුතුවල නිරත වුණා.
පාකිස්තානයෙන්ද කොරෝනා මරණ 08 ක් වාර්තා වන අතර, දහසකට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඉන්දියාවෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයින් 562 ක් වාර්තා වන අතර, මියගිය සංඛ්‍යාව 10ක්.
Latest News
නිල්දිය පොකුණේ සංචාරක කටයුතු නියාමනයට රජයෙන් නව පියවරක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන්න නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වෙයි
ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලකට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්
හේමාස් අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක ආයෝජනයක් කරමින් කෙන්යාවේ ලිපි ද්‍රව්‍ය සමාගමක් මිලදී ගනී
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට