General18 August 2026

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (18) අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.

දැනට පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු අමාත්‍යවරයා එම කොමිසමට ගොස් තිබුණේ.

ඔහු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes