General27 March 2020

දඹුල්ලේ එළවළුවලට පාලන මිලක්, රට වටේ අලෙවි කළ හැකි මිල ගණන් ද තීරණය කෙරේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල අලෙවි කරනු ලබන එළවළු සහ පළතුරු සදහා අද (27) දිනයේ සිට කිලෝවක් අලෙවි කළ හැකි උපරිම තොග මිලක් නියම කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් මිලදී ගන්නා එළවළු සහ පළතුරු වෙළඳපොලේ සිල්ලරට අලෙවි කිරීමේදී තොග මිලට එකතු කළ හැක්කේ එක් කිලෝවක් සඳහා රුපියල් 30ක් පමණයි.

අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව පවසා සිටියා.

මෙහිදී අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් දින දෙකක කාලය තුලදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 200ක් දිවයින් පුරා බෙදාහැර ඇති බවයි.

ආර්ථික මධ්‍යස්ථානය තුල සෞඛ්‍ය ආරක්ෂිත බව නිරන්තරව පවත්වාගෙන යාමට විශේෂ ඒකකයක් ද ස්ථාපිත කිරීම මෙහිදී සිදුකෙරුණා.





එක් එක් එළවළුව සඳහා නියම කළ මිල දර්ශකය පහතින්..

Related recommendation
Hiru TV News | Programmes