ත්‍රිකුණාමලය - කින්නියා - කුරිඤ්ඤංකේනි කලපුවේ පාලම් පාරුවක් පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පිරිසක් මිය යාමත් සමග ඊට විරෝධය පළ කරමින් කින්නියා නගරයේ විරෝධතාවක් පැවැත්වෙනවා.
සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් 4 දෙනෙකු ද සිටිනවා.
ඔවුන් අවුරුදු 3 හමාර, 6 සහ 8 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.
මීට අමතරව පාරුවේ ගමන් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි මවක් ද ජීවිතක්ෂයට පත්වුණා.
ඇගේ දරුවන් දෙදෙනා ද මිය ගොස් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
පාරුව පෙරළීමෙන් රෝහල් ගත කළ 20 දෙනාගෙන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර ඉන් එක් අයෙකු කින්නියා රෝහලේ සිට ත්‍රිකුණාමලය මහරෝහල වෙත මාරු කර යැවුණා.
පැරණි පාලම වෙනුවට කලපුව හරහා නව පාලමක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ හේතුවෙනුයි බැරල් සහ ලී යොදා ගනිමින් මෙම පාලම් පාරුව සකස් කර ඇත්තේ.
ඒ අනුව එදිනෙදා වැඩ කටයුතු සඳහා පාසල් ළමයින් ඇතුළු පුද්ගලයින් පිරිසක් අද උදෑසන මෙහි ගමන් කරමින් සිට තිබෙනවා.
ඊට ආධාරකයක් ලෙස දෙපසින් කේබල් ද යොදා තිබූ අතර, එලෙස යොදා තිබූ කේබලයක් කැඩී යාම නිසා පාලම් පාරුව පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සැක කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
මේ අතර, නාවික හමුදාව, මේ වන විට අදාළ ස්ථානයේ මෙහෙයුමක් දියත් කර ඇත්තේ අතුරුදන් වී ඇති පුද්ගලයින් සෙවීම සඳහායි.
කෙසේ වෙතත්, මෙම අනතුරට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද කින්නියා නගරයේ විරෝධතාවක නිරත වුණා. හිරු වාර්තාකරු සඳහන් කළේ කින්නියා - බුහාර් මංසන්ධියේ ටයර් පුළුස්සමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026