ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගිය සඳු දා බාර දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නො හැකි වනු ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, තමා හට තාමත් එවැනි ලිපියක් භානුක රාජපක්ෂගෙන් ලැබී නො මැති බවයි.
ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා සහ විඳදරා ගැනීමේ මට්ටම් තීරණය කිරීම සඳහා පවත්වන යෝ-යෝ පරීක්ෂණය වෙනුවට කිලෝමීටර් 2 ධාවන පරීක්ෂණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත හදුන්වා දුන්නේ, පසුගිය වසරේ (2021) මුල් කාර්තුවේදීයි.
ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ඉල්ලීමකට අනුව ගෙන ආ මෙම පරීක්ෂනය තුළ දී විනාඩි 8.35ක කාලයක් තුළ ක්‍රීඩකයින් කිලෝ මීටර 2ක දුර ප්‍රමානය හමාර කළ යුතු ව තිබුණා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැන් පෙන්වා දෙන්නේ, ජාතික ක්‍රීඩකයින් මිනිත්තු 8.10 තුළ කිලෝමීටර් 2 ධාවනය අවසන් කළ යුතු බවට යි.
නව සංශෝධනවලට අනුව, මිනිත්තු 8.35 සීමාව තුළ ධාවනය හමාර කරන ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබන නමුත් එම ක්‍රීඩකයින් අපේක්ෂිත ඉලක්කයට ළඟා වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත්තු ගාස්තුවෙන් ප්‍රතිශතයක් රඳවා ගැනීමටත් යෝජනා වී තිබෙනවා.

Latest News
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026