General28 June 2026

තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර හලාවත සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් පමණ ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes