ඩීසල් නො මැති වීම හේතුවෙන් අද දිනයේත් දිවයින පුරා ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
මෙලෙස ඉන්ධන නො මැති ව රැඳී සිටින අතරතුර හාලිඇල ප්‍රදේශයේ පිරවුම්හලකට පැමිණි ඉන්ධන බවුසරයක් ජනතාව විසින් නමස්කාර කොට පිළිගන්නා අයුරු ද දැකගන්නට ලැබුණා.
ඇතැම් ස්ථානවල කිලෝමීටර් 2ක පමණ රථ වාහන පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
ඒ අතර, බස් රථ විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත්, ඊයේ මුදල් ගෙවා නිදහස් කර ගත් ඩීසල් සහ සුපර් ඩීසල් මෙටි්රක් ටොන් 37,300ක් මේ වන විට මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තය වෙත පොම්ප කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ අතර, පිටකොටුව - හෝමාගම 138 බස් මාර්ගයේ ධාවනය වන බස් රථ 75න් අද ධාවනය කර තිබුණේ බස් රථ 12ක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ.
පවතින අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, බස් සංගම් නියෝජිතයින් වෙත අද දහවල් සාකච්ඡාවක් ලබාදී ඇති බව ද ඔහු කියා සිටියා.
මේ අතර, පවතින ඉන්ධන හිඟය සමග ඊයේ රාත්‍රියේ හිඟුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා.
ඔහු සදහන් කළේ රුපියල් 5000ක ඩීසල් නිකුත් කරන බවට එම ඉන්ධන පිරවුම්හලෙහි ප්‍රදර්ශනය කර තිබූ නමුත් මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ට අයත් සහල් ආයතනයක ලොරි රථයකට රුපියල් 10,000ක ඩීසල් ඉල්ලා සිටීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි.
ඩීසල් හිඟය හේතුවෙන් ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් බහලුම් බස්නාහිර පළාතෙන් පිටතට රැගෙන යාමට ගැටළුවක් මතු වී ඇති බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියා.
එමෙන්ම ඉන්ධන මිල ඉහළ යාම සහ තවත් ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මීගමුව දිස්ත්‍රික් එකමුතුව කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය තෙල්වත්ත මං සන්ධියෙන් අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
අදාළ විරෝධතාවට එරෙහිව වාරණ නියෝගයක් ලබාදෙන ලෙස මීගමුව පොලීසිය, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ අතර අද දිනයේත් පැය හත හමාරක විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු වනවා.
කෙසේ වෙතත් ලබන සඳුදායින් පසු එළඹෙන සතිය තුළ විදුලි කප්පාදු කරන කාලසීමාව අඩු කර ගත හැකි බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ, පසුගිය වසරේ දෙසැම්බර් 3 වන දා මුළු දිවයිනටම සිදුවූ විදුලිය ඇණහිටීම ගැන විමර්ශනය සඳහා මහජන මත විමසුම, ආරම්භ කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයට අද පැමිණි අවස්ථාවේදියි.

Latest News
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026
පෘතුගාලය - කොන්ගෝ තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026
කොංගෝව සිය පළමුවැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කරයි
Local
17 June 2026
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026
අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි
Local
17 June 2026
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026
''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
Local
17 June 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයට
Local
17 June 2026