හැටන් කොටගල නගරයේ විවාහ උත්සව ශාලාවකදී අද (17) පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වැළැක්වීමට ගිය දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල වූ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ පිහිටි උත්සව ශාලාවක අද දින විවාහ උත්සවයක් පවත්වා තිබෙනවා.
එහිදී එම විවාහ උත්සවයට පැමිණ බීමත්ව සිටි දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබුණා.
එම අවස්ථාවේදී ගැටුම සමතයකට පත් කිරීමට මුලින්ම රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇති අතර, එහි සිටි දෙපිරිසම එකතු වී එම නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.
පසුව එම පොලිස් නිලධාරීන් බේරා ගැනීම සඳහා දිඹුල පතන පොලිසිය ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, කුපිත වූ පිරිස එම නිලධාරීන්ට ද පහර දී ඇතැයි වාර්තා වෙනවා.
එහිදී පහරදීමට සම්බන්ධ වූ සැකකරුවන් තිදෙනෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට දිඹුල පතන පොලිසිය පියවර ගෙන තිබුණා.
මේ අතර, පොලිස් නිලධාරීන්ට පහර දෙන අයුරු දුටු කොටගල නගරයේ ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී, පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අල්ලා දිඹුල පතන පොලිසිය වෙත භාර දී තිබෙනවා.
මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ගැටුමට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොටගල නගරයේ ඇති වූ මෙම නොසන්සුන්කාරී ගැටුමත් සමඟ නගරය පුරා දැඩි රථවාහන තදබදයක් පැවති අතර, තත්ත්වය පාලනය කර කොටගල නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා තලවකැලේ, ළිඳුල සහ නානුඔය යන පොලිස් ස්ථාන මගින් අමතර පොලිස් බලඇණි ද කැඳවීමට කටයුතු කෙරුණි.
Latest News
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල හෙට සිට පහළට
Local
17 June 2026
කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු
Local
17 June 2026
පෑලියගොඩ පොලිසියේදී නීති ශිෂ්‍යයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියට හිටපු OIC ඇතුළු පොලිස් නිලධාරීන් හතරකට අධිචෝදනා
Local
17 June 2026
''නිසි ලෙස නොහැසිරුණොත් ඉරානයට බෝම්බ හෙළනවා'' - ට්‍රම්ප්
Local
17 June 2026
තෙල්දෙණිය රෝහල ආසන්නයේ රථගාලක මෝටර් රථයක් තුල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
Local
17 June 2026
52 වැනි ජී-7 සමුළුව අතරතුර මෝදි - ට්‍රම්ප් හමුවක්
Local
17 June 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ: පෙත්සම් විභාගය අවසන්!
Local
17 June 2026
''ආශු අපේ කෙනෙක් නෙමෙයි'' - එක්සත් ජාතික පක්ෂය
Local
17 June 2026
යෝෂිතට ඇප - රට ගමන් තහනම්
Local
17 June 2026
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
17 June 2026