General14 December 2023

නාන්න ගිය සිසුවා දියේ ගිලී අතුරුදන්

බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු අද(14) පස්වරුවේ දී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය පවසනවා.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ කොට්ටාව, මත්තෙගොඩ පදිංචි 13හැවිරිදි පාසල් සිසුවෙක්.

පොලිසිය සඳහන් කළේ බලපිටියේ වෙසෙන සිය ආච්චි සහ සීයා බැලීමට කොට්ටාව සිට බලපිටියට පැමිණ සිටියදී මෙලෙස මොහු අනතුරට ලක් වී ඇති බවයි.

මෙහිදී අතුරුදන් වූ මෙම සිසුවා තවත් සිසුන් දෙදෙනෙක් සමග මාදු ගඟේ බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී පැමිණි රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

අතුරුදන් වූ මෙම සිසුවා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes