General15 February 2024

සූර් වී පාසල් ගිය සිසුවා රෝහල්ගත කෙරේ

පස්සර ප්‍රදේශයේ පාසල් සිසුවෙක් කසිප්පු පානය කර හදිසියේ ඇති වූ අසනීප තත්වය නිසා බදුල්ල ශික්ෂණය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඊයේ (14) වනදා මෙම සිසුවා පාසල තුළ හදිසියේම වමනය කර ඇති අතර එහිදී ගුරුවරුන් ඒ පිළිබදව සිසුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ තමා බීම වර්ගයක් පානය කර ඇති බවයි.

ගුරුවරුන් විසින් සිසුවා කඩිනමින් පස්සර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිසුවා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ තමන් තමන් කසිප්පු පානය කර ඇති බවයි.

වෛද්‍යවරුන් විසින් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණය රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes