General04 June 2024

අමානුෂිකව දරුවාට පහරදෙන පියාව පොලිසියෙන් සොයයි

සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝව වැලිඔය ප්‍රදේශයේ නිවසක සිදු වූවක් බව පොලිසිය මේ වනවිට තහවුරු කරගෙන තිබෙනවා.

මේ වනවිටත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වැලිඔය පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නිවැසියන් එම නිවසින් පලාගොස් ඇති බවයි වැලිඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් ඇඹුලගම හිරු ප්‍රවෘත්ති කළ විමසුමක දී සඳහන් කළේ.

අදාළ පුද්ගලයාගේ පෙර විවාහයක දරුවෙකුට මෙසේ පහරදෙන බවත්, එම සිදුවීම වීඩියෝගත කර ඇත්තේ එම පුද්ගලයාගේම තවත් දරුවෙකු විසින් බවටත් පොලිසිය සැකකරනු ලබනවා.

පහරදෙන පුද්ගලයා මෙම නිවසට කාන්තාවන් දෙදෙනෙකු ගෙනවිත් ඇති බවටද සැක කරන බව පැවසූ වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා අදාල පුද්ගලයා ඉතා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes