General14 August 2026

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත සංශෝධන කිරීමේ කෙටුම්පත එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

ඒ අනුව එළඹෙන 18 වනදා එම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය 7 වනදායි.
Related recommendation
Hiru TV News | Programmes