ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා.
2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ද සිනමා පටයක් රුගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙ.ව.07.30 සිට ප.ව.17.30 දක්වා කාලසීමාව තුළ කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම රූගත කිරීම සිදුකරනු අතර, අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීම සඳහා සැලසුම් කර ඇත.
01. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
02. ඔක්තෝබර් 10,11,12 සහ 13 යන දිනයන් හිදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත "ඔඩිසි'' දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
03. ඔක්තෝබර් 11,12,13 සහ 14 යන දිනයන් හිදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත "ඔඩිසි" දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාවවන පෙ.ව 08.55ට පිටත් වේ.
04. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1006 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමෙන් ආරම්භ කරන අතර, එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන පෙ.ව.09.40ට පිටත් වේ.
05. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත අංක 1008 දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර එම දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 11.15ට පිටත් වේ.
07. බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත අංක 1596 දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර, එම දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් නියමිත වේලාව වන ප.ව 1.15ට පිටත් වේ.
මෙම මෙම සිනමා රූපයක කිරීමේ කටයුතු හේතුවෙන් දුම්රිය මගීන් හට සිදුවන අපහසුතාවය පිලිබදව කනගාටුව ප්‍රකාශ කරන අතර, ඇල්ල දුම්රිය ස්ථානයෙන් සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රියන් සදහා එම ගමන් අවසන් කරන දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ඉදිරි දුම්රිය ස්ථානයන් වෙත ගමන් කිරීම සඳහා බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Latest News
මහින්දානන්ද අලුත්ගමගේට පවරා ඇති නඩුවක් දෙසැම්බර් 4 යළි කැඳවයි
Local
26 August 2026
එල්නීනෝ - ලානීනා බලපෑම්වලට මුහුණදීමට රටක් ලෙස පූර්ව සූදානමක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
26 August 2026
රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 19ක් සමඟත් පද්මේ සබඳතා පවත්වලා : ජංගම දුරකතනයෙන් හෙළි වන බව CIDය කියයි
Local
26 August 2026
පාකිස්ථානයේ රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් ඇතුළු ළමුන් 13 දෙනෙකු මරුට
Local
26 August 2026
ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
Local
26 August 2026
අධිවේගී මාර්ග කිහිපයක පිටවීම් සහ පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්
Local
26 August 2026
ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
Local
26 August 2026
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද
Local
26 August 2026
මහජන බැංකුවේ නව සභාපති ලෙස චන්දන ගුණියංගොඩ වැඩභාර ගනී
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ,නායකගෙන් සුබපැතුම් පණිවිඩයක්
Local
26 August 2026