General26 November 2024

ප්‍රදේශ කිහිපයක මහවිරු සැමරුම්

යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා දෙමළ ජනතාව සිහි කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල භූමියේ සහ වවුනියාව කල්මඩු , මුල්ලියාවේලි ඇතුළු ප්‍රදේශ කිහිපයක සැමරුම් පැවැත්වුණා.

මේ අතර හිටපු එල්.ටී.ටී.ඊ. නායකයාගේ 70 වැනි උපන්දිනය වැල්වැටිතුරේ පිහිටි ඔහුගේ නිවසේදී සමරනු ලැබුවේ, හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් එක්වයි.

කෙසේ වුවත් එම ස්ථානයට වැල්වැටිතුරෙයි පොලිස් නිලධාරීන් පැමිණ, හිටපු එල්.ටී.ටී, ඊ. සාමාජිකයින්ගේ ඡායාරූප භාවිත කිරීමට නෛතික බලයක් නොමැති බව පවසා තිබෙනවා.

මේ අතර, හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක් වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසුවේ, මහ විරු දිනය මෙලෙස උත්කර්ශවත් ලෙසින් පැවැත්වීම නීතියේ ආධිපත්‍යයට දැඩි අභියෝගයක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes