General21 January 2025

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරු සඳහා නව පත්කිරීම්

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් දැනට සේවයේ නියුතු කේ.එන්.එස්. රණතුංග 2025-01-21 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත බැවින්, එදින සිට පුරප්පාඩු වන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ. ආර්. එස්. පී. එදිරිමාන්න පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

එමෙන්ම, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉඩම්) ලෙස සේවයේ නියුතු, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන, ඩී.ඩී.කේ. වික්‍රමආරච්චි ඔහුගේ නිත්‍ය තනතුරට අමතරව 2024-12-12 දින සිට ඉඩම් කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරනු ලැබ තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාව මත, ප්‍රාදේශීය පරිපාලනයේ අත්දැකීම් බහුල නිළධාරියෙකු ස්ථිරව පත් කර ගැනීමට අවශ්‍ය වී ඇති බවත්, ඒ අනුව, දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවයේ නියුතු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ආර්.ඒ. චන්දන සමන් රණවීරආරච්චි එම තනතුර සඳහා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes