General07 February 2025

09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ

09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (07) පස්වරුවේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පැවැත්වුණා.

ඒ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන්.
 
එහිදී චීන ජනාධිපතිවරයා 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹීමේ නිල ප්‍රකාශය සිදු කළා.

මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරයයි. සාමය, සංවර්ධනය හා මිත්‍රත්වය කෙරෙහි ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරෙනවා.

ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා විවිධ රටවල නියෝජිත කණ්ඩායම්වල පොදු උත්සාහය යටතේ චීන හා ආසියානු ලක්ෂණයන්ගෙන් යුත් අසිරිමත් ක්‍රීඩා උළෙලක අත්දැකීමක් ලෝකයට සමීප කරමිනුයි මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල අතිඋත්කර්ශවත් ලෙස ආරම්භ වුණේ.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් cross-country skiing ක්‍රීඩා ඉසව්වෙන් තරග වැදීමට සජීව ද සිල්වා, ධනුෂ්ක බණ්ඩාර, පියුමි ප්‍රියදර්ශනී සහ ශෙහාන් මධුර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes