General08 March 2025

ආබාධ සහිත කාන්තාවන්ගේ අරගලය වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍යවරිය කියයි

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුලු ආබාධ සහිත කාන්තාවන් සිදු කරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සංවිධාන කෙරුණු ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ දෘෂ්‍යෘබාධිත කාන්තා සංසදයේ කොඩි පැලදවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

දෘෂ්‍යෘබාධිත ඇතුලු ආබාධ සහිත කාන්තාවන් සිය වෘත්තීන් රැක ගැනීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම, අයිතිවාසිකම් රැක ගැනීමටත් දෛනිකව අරගල කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes