අධිකරණයට භාර වූ පොලිස්පති දේශබදු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
විවෘත වරෙන්තු ලැබ, දින 20 ක කාලයක් සැගවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) පෙරවරුවේයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණේ.
ජනාධිපති නීතීඥ ශානක රණසිංහ ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් ඔහු මෙලෙස භාර වුණා.
මේ අතර, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, පොලිස්පතිවරයා අධිකරණයට භාර වූයේ ඔහුගේ වත්කම් තහනම් කිරීම සදහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේදී බවයි.
පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය මස 27 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.
කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ නැහැ .
එවන් පසුබිමක පසුගිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කෙරුණා.
මේ අතරතුර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිට් පෙත්සමක් ගොනු කළත් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.
මේ අතර, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර පිහිටි නිවස ද පරීක්ෂා කළා.
කෙසේ වෙතත්, අධිකරණ නියෝගයකින් තොරව මෙම පරික්ෂාව සිදුකර ඇති බව පවසමින් පොලිස්පතිවරයාගේ බිරිද ඊයේ පස්වරුවේ අතුරුගිරිය පොලිසිය වෙත පැමිණීල්ලක්ද ගොනු කර තිබෙනවා.
එමගින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, නිවස සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේ ඒ සදහා අධිකරණ නියෝගයක් ඇද්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසූ අවස්ථාවේ එවැනි නියෝගයක් නොපෙන්වා තම නිවස සෝදිසි කළ බවයි.
කෙසේ වෙතත්, අදාළ පරික්ෂාවේදී මත්පැන් බෝතල් 1, 009 ක් සහ පොලිස්පතිවරයාගේ රාජකාරි පිස්තෝලය පොලිසිය විසින් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සදහන් කළා

Latest News
ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් පොලිස්පතිට පැවරීමට එරෙහි විපක්ෂයේ යෝජනාව අද විවාදයට
Local
09 October 2025

සාමයේ පණිවිඩය අරන් ට්‍රම්ප් ගාසාවට
Local
09 October 2025

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි
Local
09 October 2025

ගාසා සටන් විරාම සැලැස්මේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් අත්සන් තබයි - ට්‍රම්ප්
Local
09 October 2025

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව නැවත ඉල්ලා හිමිනමක් උපවාසයක
Local
09 October 2025

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
Local
09 October 2025

විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා
Local
08 October 2025

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට
Local
08 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට
Local
08 October 2025

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි
Local
08 October 2025