General09 April 2025

හිටපු රාජ්‍ය ඇමති පිල්ලෙයාන් පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි සන්ත්‍රිකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' පැය 72 ක් රඳවා තබාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඔහු මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රීයේදී.

ඒ නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළවයි.

කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වී සිටියදී 2006 වසරේ දෙසැම්බර් 15 වැනිදා මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැර ගැණුනු අතර ඒ වන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවුණා.

එම අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්.

මඩකලපුවේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අද අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආවා.
Related recommendation
Hiru TV News | Programmes