General16 June 2026

බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට අද වැසි : ප්‍රදේශ කිහිපයකට තරමක තද සුළං

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (16) දිනයේ වැසි සහ විටින් විට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ද අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

තවද, ඌව සහ නැගෙනහිර පළාත්වලටත්, මුලතිව් දිස්ත්‍රික්කයටත් අද පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, දකුණ සහ උතුරු-මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes