ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි.
මෙහිදී වන අලි ගැටලුව බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපතිවරු විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එසේම වනජීවි දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.
වන අලි ගැටලුව විසඳීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාව සමඟ සමීපව මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙම කටයුතු සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද සඳහන්.
දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් නිශ්චිත පුහුණුවක් සමඟ වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත්, ඊට අදාළ නීති සම්පාදනය කිරීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ වන අලි ගැටලුව විසඳීමට, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දැනට ගෙන යන මෙහෙයුම් වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමටයි.
Latest News
මෙරට පිහිනුම් තටාක බොහෝමයක් අනාරක්ෂිත බව හෙළිවේ
Local
12 September 2026
මත්තල මුව මස් ජාවාරමක්: ගුවන් හමුදාවේ පහක් ඇතුළු 7ක් අත්අඩංගුවට
Local
12 September 2026
එකම අංකයේ බයික් 2ක්: පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට
Local
12 September 2026
පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
Local
12 September 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි සුළු පහළ යෑමක්
Local
12 September 2026
යතුරුපැදි දෙකක් ගැටී සිව්දෙනෙක් රොහලේ
Local
12 September 2026
වසර 75කට පසු ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 98%ක් දක්වා ඉහළට
Local
12 September 2026
චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ඇරඹේ
Local
12 September 2026
ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවක්
Local
12 September 2026
රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඊශ්‍රායල - ලෙබනන් සාකච්ඡා ඔක්තෝබර් දක්වා කල්යයි
Local
12 September 2026