අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදු කරන ලද විමර්ශන වලදී Facebook, Whatsapp, Telegram, Skype, We chat ආදී සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන අපරාධයන්ට මෙරට පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා.
එබැවින් සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් සහ Facebook, Whatsapp, Telegram, Skype, We chat යන සමාජ ජාලා මගින් විවිධ පුද්ගලයන් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙනු ලබන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට ලබා දෙන අන්තර්ජාල දිගු (Link), නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ඉල්ලා සිටින්නේ.
එමෙන්ම තම පුද්ගලික බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහදුනන පුද්ගලයන්ගෙන් තම ගිණුම් වෙත ලැබෙන මුදල් තෙවැනි පාර්ශවවල උපදෙස් පරිදි ඔවුන් විසින් ලබා දෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීම සිදු නොකරන ලෙසත්, පොලිසිය ඉල්ලා සිටිනවා.
Latest News
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026