International11 August 2026

කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට

කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූකම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෙවුණු දශකය තුළ කොලොම්බියාවට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙස සටහන් වූ ඊයේ (10) සිදු වූ භූකම්පනයයි.

එය එරට වේලාවෙන් ඊයේ උදෑසන 7.34 ට සිදුව තිබූ අතර එහි ප්‍රබලත්වය දැක්වුණේ රික්ටර් මාපක 7. 4 ක් ලෙසයි.

එමෙන්ම සිද්ධියෙන් තවත් 200 කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය තවමත් තහවුරු කර ඇත්තේ භූකම්පනයෙන් පුද්ගලයින් 132 දෙනෙකු මිය ගොස් 570 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට නගර පහක් වෙත මෙහිදී රතු නිවේදන නිකුත් කෙරුනු අතර මැනිසාල්ස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටගෝ සහ බුවනෙචුරා ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් තොටුපළ හතක ක්‍රියාකාරීත්වය ද භූ කම්පනයෙන් පසු අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූකම්පනයේ බලපෑම අසල්වැසි වෙනිසියුලාව, ඉක්වදෝරය සහ පැනමාව යන රටවලටද දැනී තිබුණා.

1999 වසරේදී දී අදාළ ප්‍රදේශයේම රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූමිකම්පනයක් සිදුව තිබු අතර, එහිදී පුද්ගලයින් 1,200කට ආසන්න පිරිසක් මිය ගොස් තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes