
චෙම්මනි සමූහ මිනී වළෙන් කුඩා දරුවකුගේ අස්ථි කොටස් සමග පාසල් බෑගයක් ඊයේ (29) හමුවී තිබෙනවා.
එම කැණීමේදී එදින මිනිස් අස්ථි කොටස් 6ක් හමු වී ඇති අතර මේ වන විට හමු වී ඇති සමස්ථ මිනිස් අස්ථි කොටස් ගණන 33ක්. යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මෙම සමූහ මිනීවල පිහිටා ඇති අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ 3 වැනි අදියරේ කැණීම් ජූනි මස (26) දා ආරම්භ කෙරුණා.
අදාළ කැණීම්වල දෙවන හා තෙවන දිනයේදී කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් මතුවී තිබෙන අතර, අදාළ කාන්තාවගේ පපුව ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක්ද හමු වී තිබෙනවා.
උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළේ, මේ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන බවයි.
යම් අවස්ථාවක අදාළ දරුවා මවගේ තුරුලේ සිටියදී ඝාතනය වී ඇති බවට සැකයක් මතුවන බවයි ඔවුන් පවසන්නේ.
මෙම ස්ථානයෙන් පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් මතු වී තිබෙන බවද සඳහන්.
පාසල් බෑගය තුළ යමක් පවතින්නේ නම් ඒ හරහා මෙම අස්ථි කොටස් කුමන කාලයකට අයත්දැයි නිගමනය කළ හැකි බව ද උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය පවසනවා.
යාපනය මහේත්රාත් ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්යාව පිළිබඳ කැලණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව හා යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී සෙල්ලයියා පණාවන් යන අයගේ ප්රධානත්වයෙන්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්, යාපනය පොලිසියේ නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කැණීම සඳහා එක්ව සිටිනවා.
Latest News
අයහපත් කාලගුණය ගැන අවධානයෙන් සිටින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
19 July 2025

විදුලිය විසන්ධි වුණොත් හැටන් ස්ටේෂම රෑට අඳුරේ
Local
19 July 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'ගල් ඉබ්බා' අත්අඩංගුවට
Local
19 July 2025

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025
