චෙම්මනි සමූහ මිනී වළෙන් කුඩා දරුවකුගේ අස්ථි කොටස් සමග පාසල් බෑගයක් ඊයේ (29) හමුවී තිබෙනවා.
එම කැණීමේදී එදින මිනිස් අස්ථි කොටස් 6ක් හමු වී ඇති අතර මේ වන විට හමු වී ඇති සමස්ථ මිනිස් අස්ථි කොටස් ගණන 33ක්. යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මෙම සමූහ මිනීවල පිහිටා ඇති අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ 3 වැනි අදියරේ කැණීම් ජූනි මස (26) දා ආරම්භ කෙරුණා.
අදාළ කැණීම්වල දෙවන හා තෙවන දිනයේදී කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් මතුවී තිබෙන අතර, අදාළ කාන්තාවගේ පපුව ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක්ද හමු වී තිබෙනවා.
උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළේ, මේ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන බවයි.
යම් අවස්ථාවක අදාළ දරුවා මවගේ තුරුලේ සිටියදී ඝාතනය වී ඇති බවට සැකයක් මතුවන බවයි ඔවුන් පවසන්නේ.
මෙම ස්ථානයෙන් පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් මතු වී තිබෙන බවද සඳහන්.
පාසල් බෑගය තුළ යමක් පවතින්නේ නම් ඒ හරහා මෙම අස්ථි කොටස් කුමන කාලයකට අයත්දැයි නිගමනය කළ හැකි බව ද උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය පවසනවා.
යාපනය මහේත්‍රාත් ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව හා යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පණාවන් යන අයගේ ප්‍රධානත්වයෙන්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්, යාපනය පොලිසියේ නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කැණීම සඳහා එක්ව සිටිනවා.
Latest News
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026
බත්, කොත්තු, රයිස් මිල රුපියල් 15කින් අඩුවෙයි: කෙටි ආහාර, තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් පහළට
Local
04 July 2026
ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි
Local
04 July 2026
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026
ඝානාව පරදා කොලොම්බියාවට ජය
Local
04 July 2026
බීජිං ගුවන් යානා අනතුර: චීනය තොරතුරු සඟවයි!
Local
04 July 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් පසු ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටේ
Local
04 July 2026
මධ්‍යම චිලී රාජ්‍යයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්
Local
04 July 2026
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්
Local
04 July 2026