General02 September 2025

එජාප සංවත්සරය කල්දමයි

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය දින නියමයකින් තොරව කල්දමා තිබෙනවා.

එම සංවත්සර උත්සවය ලබන සෙනසුරාදා (6) පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන මෙම කල් දැමීම සිදුකිරීමටයි එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර ඇත්තේ.

කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ පැවැසුවා.

එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ වැඩි දුරටත් ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළඹි බවයි එජාප මහ ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes