General06 September 2025

පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී පියල් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේදී බස්නාහිර, උතුර පොලිස් කොට්ඨාසය විසින්.

පසුගියදා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මතයි අදාළ අමුද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.

එසේම අදාළ සිද්ධියට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි පියල් මනම්පේරීගේ සහෝදරයා වන සම්පත් මනම්පේරී සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වනවා.

එවන් පසුබිමක සම්පත් මනම්පේරීගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes