2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 24 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (29) නියම කළා.
එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ෆ්රැන්ක් ගුණවර්ධන ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා අදාල පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 24 වන දා කැඳවන ලෙස නියම කළා.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.
එම අධිචෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස සිය නීතිඥවරු මූලික විරෝධතා මතුකල ද, එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය අදාළ නඩුව විභාගයට ගැනීමට නියම කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
කොළඹ මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැණි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාඨලී චම්පික රණවක විසින් අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

Latest News
"ගෝඨා ආණ්ඩුව කාලේ සෙවනගල ලාභ ලැබුවා.. අද ඉන්දියාවට තුට්ටු දෙකට විකුණන්න හදනවා"
Local
30 September 2025

කාන්තා ලෝක කුසලාන තරග අද ඇරඹේ - සමාරම්භය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
Local
30 September 2025

සරසවි ඇදුරන් අද වර්ජනයක
Local
30 September 2025

''ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ප්‍රයිස් එක ලැබුණා'' - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
Local
30 September 2025

ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025