General01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ශ්‍රී ධරන් නෙරජන් හෙවත් ටින්කර් නැමැත්තා ඩුබායි සිට අද (01) උදෑසන මෙරටට රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් හෙවත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පසුගිය වර්ෂයේ ග්‍රෑන්ඩ්පාස් - මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙන අතර, ඔහු තවත් අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
Related Recommends
Hiru TV News | Programmes