General08 October 2025

හඳුන්කූරු ඡාවාරමට මුවාවී අහිංසකයන්ගේ කෝටි ගණනකට විද්ද යුවළම රිමාන්ඩ්

අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ පන්නල්ගම ගම්මානයේ හඳුන්කුරු ජවාරමකට මුවාවී කටයුතු කර එම ප්‍රදේශයේ ජනතාවගේ කෝටි ගණනක මුදලක් වංචා කරන ලදැයි කියන යුවළක් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරිකා පෙරේරා අද (08) නියෝග කළා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අම්පාර පොලිසියේ විශේෂ අපරාධ අංශය විසින්.

දැනට වසරක පමණ කාලයක් මෙම යුවළ පන්නල්ගම ගම්මානයේ පහන් තිර පැකට් කිරිමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර පසුව එය හඳුන්කුරු පැකට් කිරීමේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගොස්  තිබේ. මුල් අදියරේදි  රුපියල් 50,000 ක් දෙන  පුද්ගලයකුට  හදුන්කුරු පැකට් 1000 ක දී ඇති  අතර එය පැකට් කර ආපසු භාර දිමෙන් පසුව මුලින් ගෙවන ලද 50000 අමතරව තවත් රුපියල් 25,000 ක් වැඩිපුර ලබා දී තිබූ බවට අනාවරණය වුණා.

මෙය වාසි සහගත ව්‍යාපාරයක් එකක් යැයි සිතු මෙම ගම්මානයේ විශාල පිරිසක් මෙම ජාවාරමට හසුව තිබේ.

පසුව මෙම යුවළ අදාළ ව්‍යාපාරය පවත්වාගෙන යෑම  සඳහා තවත් නියෝජිතයන් පිරිසක් යොදවා එම මාර්ගයෙන් අවට ගම්මාන ගණනාවක  පිරිස් ද මෙම ජාවාරමට සම්බන්ධ කරගෙන මුදල් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන තිබූ බවට වාර්තා වෙනවා.

දෙවන අදියරේදි රුපියල් 250,000 ක් බදින අයකුට ඇසිරිම සදහ හදුන්කරු පැකට් 6000 ක් දෙන අතර එය සකස් භාර දිමෙන් පසුව රුපියල් 250000 අමතරව තවත් රුපියල් 125000 ක් දිමට පටන් ගෙන තිබේ.

මුල් අවස්ථාවේ කොටසකට නියමිත අයුරින් මුදල් ගෙවා ඇති අතර ඒ තුලින් ජනතාවගේ තුල විශ්වාශය  දිනාගත් මෙම යුවල පසුව රුපියල් ලක්ෂ 10 ,25,50 ,100 ආදි වශයෙන්  මුදල් ලබාගෙන තිබේ.එම මුදල් සමහරක් මෙම යුවල ලබාගෙන ඇති අතර අනෙක් මුදල් තම නියෝජිතයින්  හරහා භාර ගෙන   තිබේ.

මෙම සැකකරුවන් ඉකුත් තුන්වෙනි දින ගමෙන්  හොර රහසේම පිටව ගොස් ඇති අතර අද උදැසන අම්පාර විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට භාර වී තිබේ.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාශ භාර වැඩ බලන පොලිස් අධිකාරි ප්‍රදිප් මහතාගේ මෙහෙයවිමෙන් අම්පාර විශේෂ අපරාධ අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසිංහ ඇතුලු නිළධාරින්  වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Related Recommends
Hiru TV News | Programmes