සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව මාධ්‍යවල ගිය ප්රවෘත්ති සහ තමන් විසින් සොයා ගත් තොරතුරු අනුව අදාළ ප්‍රකාශය සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තංගල්ල පොලීසියට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.
සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවකු ගැන මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ඊයේ (09) පෙරවරු 9.30 ට පමණ විමල් වීරවංශ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකට ගොස් තිබුණා.
ඔහු එම ඒකකයට ගොස් තිබුණේ නීතිඥ නෙලුම් ක්‍රිෂාන්ත පුංචිහේවා සමඟයි.
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා වීරවංශ ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශය සටහන් කරගත් අතර ප්‍රකාශය ලබා ගැනීමට පැය දෙකහමාරක පමණ කාලයක් ගතව තිබූ බව පොලිසිය පවසනවා.
රැඳවුම් නියෝග මත තංගල්ල පොලිසිය භාරයේ ප්‍රශ්න කරමින් සිටි ‘පුවක්දණ්ඩාවේ සනා” නමැත්තාට අයත් ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම පිළිබඳව වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.
එහිදී වීරවංශ පවසා ඇත්තේ එම සැකකරුට අයත් ධීවර යාත්‍රාවකින් ගොඩබිමට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට තමා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට පෙර මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයකින් එලෙස ප්‍රචාරය කර තිබූ බවයි.
එසේම, මෙම කරුණ සම්බන්ධයෙන් තමාද තොරතුරු සොයා ගත් බව ඔහු ප්‍රකාශ කළ බව පොලීසිය පවසනවා.
දහවල් 12 ට පමණ ප්‍රකාශය ලබාදීමෙන් පසු වීරවංශ පිටව ගියා .
හම්බන්තොට දිස්ත්‍රික් ජාතික නිදහස් පෙරමුණේ නායක වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සඳුන් බණ්ඩාර බෝදරගම ඇතුළු පක්ෂයේ සාමාජිකයන් පිරිසක් වීරවංශ පැමිණෙන විට තංගල්ල කදුරුපොකුණ පාරේ පිහිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කාර්යාලය අසළට පැමිණ සිටියද ඔවුන්ට එම කාර්යාලය තුළට යාමට පොලිසිය ඉඩ දුන්නේ නැත.
Latest News
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද