General10 October 2025

පැහැරගෙන ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉඟුරුකඩේ හන්දියේ කුණු ඇලක : පොලිසිය පුළුල් විමර්ශනයක්

පැහැරගෙන ගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉඟුරුකඩේ හන්දියේ කුණු ඇළක තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොටහේන පොලිසිය අද(10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න හමුවේ දැන්වුවා.

සිද්ධියට අදාළ මළ සිරුර මරණ පරික්ෂණය සඳහා පොලිස් මෘත ශරිරාගාරයේ තබා ඇති බවද එම අවස්ථාවේදි විමර්ශන නිළධාරියා දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වූ 12104 පොලිස් සැරයන් කැලුම් ප්‍රියවංශ සඳහන් කර සිටියේ, ඉකුත් 28 වන රාත්‍රියේ ජම්පටා ප්‍රදේශයේදී මරණකරු ඔහුගේ සහෝදරයා සමඟ සිටින අවස්ථාවේදී කොටහේන ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිටදී යම්කිසි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවය.

නමුත් මරණකරුගේ සහෝදරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකොට සඟවා සිට ඇති බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වූවා.

ඉකුත් 29 දින නාදුනන මළ සිරුරක් ජාඩි ඇලේ පාවෙන බවට 119 දුරකථන අංක හරහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට තොරතුරක් ලැබි ඇති බව ද පොලිසිය පවසනවා.

ඉන්පසු මෙම නාඳුනන මළ සිරුර හඳුනා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ සියලු පොලිස් ස්ථානවලට දැනුම් දීමෙන් අනතුරුව මෙම මරණකරුගේ ඥාතීන් පැමිණ මළ සිරුර හඳුනාගෙන ඇති බව විමර්ශන නිලධාරියා සඳහන් කළා.

ඉන්පසුව එම ඥාතීන් විසින් කොටහේන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වැඩිදුර විමර්ශන සිදුවන බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ,

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කරනු ලැබුවේ, මරණකරු 2018 වර්ෂයේ සිදුවූ බරපතළ මිනීමැරුමක් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද පොලිසිය අධිකරණයට කරුණු දැක්වුවා.
Related Recommends
Hiru TV News | Programmes