විදුලිසර වද්දවා වන අලියකු මරණයට පත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට රුපියල් ලක්ෂ දෙකක දඩයක් මොරවැව සංචාරක මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අද (13) නියම කළා.
එම දඩය ලබන නොවැම්බර් 03වැනිදාට ප්‍රථම ගෙවීමට ද අධිකරණයෙන් චුදිතට නියෝග කෙරුණා.
මෙසේ දඩ නියම වූයේ ගෝමරංකඩවල, මැදවච්චිය, බක්මීගම පදිංචි එස්.ඩී. දීපිකා කුමුදු කුමාරි දිසානායක (39) නැමති කාන්තාවටයි.
ඉකුත් ඔක්තෝබර් 04 දින හෝ ඊට ආසන්න දිනකදී සැකකාර කාන්තාවගේ නිවස වටා ඇද තිබූ විදුලි රැහැනකින් මෙම අලියාට විදුලිසර වද්දවා මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෝමරංකඩවල අඩවි ආරක්ෂක එම්. සුජිත් තුෂාර සැකකාරියට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතේ 20 (1) ආ වගන්තිය යටතේ චෝදනා ගොනුකර තිබුණා.
අදාල නඩුවේ නඩු භාණ්ඩ වන විදුලි රැහැන්, විදුලි පරිපථ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Latest News
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්