International21 October 2025

ප්‍රංශයේ හිටපු ජනපති සාර්කෝසි අද සිපිරි ගෙට

යුරෝපයේ සිරදඬුවම් නියම වූ පළමු හිටපු රාජ්‍ය නායකයා බවට පත්වෙමින් ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාර්කෝසි අද (21) සිරගත කිරීමට නියමිතයි.

ඒ අනුව සාර්කෝසි අද පැරිසියේලා සන්තේ බන්ධනාගාරයට රැගෙන යාමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය හෙබවූ නිකොලස් සාර්කෝසි සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ ඒකාධිපති පාලන තන්ත්‍රයෙන් නීති විරෝධී ලෙස අරමුදල් ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවට නඩු පවරා තිබුණා.

ඒ අනුව පැරිස් අපරාධ අධිකරණය ඔහු වරදකරු කරමින් වසර 5ක සිරදඬුවම් නියම කළා.

ඊට එරෙහිව සාර්කෝසි අභියාචනයක් ඉදිරිපත් කළ ද අධිකරණය නියම කළේ අභියාචනා ක්‍රියාවලිය සිදුවන අතරතුර වුවද සිරදඬුවම ක්‍රියාත්මක විය යුතු බවයි.

මීට පෙර වෙනත් දූෂණ නඩුවක් හේතුවෙන් සාර්කෝසිට සිරකරුවන් සඳහා යොදන පටිය පැළඳීමට ද සිදුවුණා.
Related Recommends
Hiru TV News | Programmes